30 December 2025

logo

IMF නියෝජිත පිරිසක් ජනවාරියේ දිවයිනට



ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිසක් ලබන ජනවාරි මස මුල් භාගයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

IMF විසින් සපයනු ලබන විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) පිළිබඳ පස්වන සමාලෝචනය සාකච්ඡා කිරීම මෙම සංචාරයේ අරමුණ බවයි වාර්තා වන්නේ.

EFF පිළිබඳ පස්වන සමාලෝචනය මේ වන විට අවසන් කර තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ අනුමැතිය ලබාදීම සඳහා IMF විධායක මණ්ඩලය දෙසැම්බර් 15වනදා රැස්වීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් කඩිනම් මූල්‍යකරණයක් සඳහා ශ්‍රී ලංකාව කළ ඉල්ලීම අනුව එම රැස්වීම කල් දැමීමට කටයුතු කළා.

(colombotimes.lk)