30 December 2025

logo

ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් අභාවප්‍රාප්ත වෙයි



ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන අක්ෂු ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු අභාවප්‍රාප්ත වන විට 34 හැවිරිදි වියේ පසු වුණා.

2018 දෙසැම්බර් 28වනදා ගල්කිස්ස වෙරළ තීරය අසල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී සිදු වූ අනතුරකින් පසු අක්ෂු ප්‍රනාන්දු කෝමා තත්වයේ පත්වී තිබෙනවා.

2010 නවසීලන්තයේ පැවති 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයේදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට අක්ෂු ප්‍රනාන්දු සමත්වුණා.

(colombotimes.lk)