24 June 2026

logo

ඇමරිකානු තීරු බදු සාකච්ඡා ගැන මුදල් ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්



එක්සත් ජනපදය සමඟ පැවති වෙළෙඳ සාකච්ඡාවලින් ශ්‍රී ලංකාව අපේක්ෂා කළ අරමුණු සාක්ෂාත් කර ගැනීමට හැකි වූ බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ප්‍රකාශ කළා. 

ඒ අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ඇමරිකානු තීරු බද්ද 20% දක්වා පහත හෙළීම පිළිබඳව පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදීයි. 

කලාපයේ තරගකරුවන්ට සමාන තීරුබදු අනුපාතයක් ලබා ගැනීම මෙම සාකච්ඡාවල ප්‍රධාන අරමුණ වී තිබෙනවා. 

එහිදී ලේකම්වරයා සඳහන් කළේ විවිධ ක්ෂේත්‍රයන්හී ශ්‍රී ලංකාවේ වෙළඳපොළ කොටස පවත්වා ගැනීම සඳහා මෙය අත්‍යාවශ්‍ය කරුණක් වූ බවයි. 

මෙම සාකච්ඡාවල සාර්ථකත්වය පිළිබඳව ඉදිරියේදී තවත් වෙළෙඳ සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂා කරන බවද ලේකම්වරයා එහිදී සඳහන් කළා.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එක්සත් ජනපදය සමඟ පැවති වෙළෙඳ සාකච්ඡාවලදී වෙළඳාමට බාධා පමුණුවන පැරා-තීරුබදු අවම කිරීම සහ ඇමරිකානු සැපයුම්කරුවන්ට තරගකාරී වෙළෙඳපොළ ප්‍රවේශයක් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි.


(colombotimes.lk)