ඉරානය සහ ඊශ්‍රායලය අතර පූර්ණ සටන් විරාමයක් සඳහා එකඟ වී ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඇමරිකානු ජනාධිපතිවරයා ඒ බව සඳහන් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඉදිරි පැය 6ක කාලය තුළ එම සටන් විරාමය ආරම්භ වන බව ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.
එමෙන්ම මැදපෙරදිග යුද්ධය ඉදිරි පැය 24 තුළ නිල වශයෙන් අවසන් වන බව ද එම සටහනේ සදහන්.
සිය සමාජ මාධ්‍ය සටහනේ අවසානය 'දෙවි පිහිටයි ඉරානය, දෙවි පිහිටයි මැදපෙරදිග, දෙවි පිහිටයි ඇමරිකාව සහ දෙවි පිහිටයි ලෝකය' යනුවෙන් ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.
(colombotimes.lk)