යුක්‍රේනය සහ රුසියාව අතර එළඹෙන බදාදා ඉස්තාන්බුල්හීදී නව සාම සාකච්ඡා වටයක් පැවැත්වීමට නියමිත බව යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky පවසනවා.
ඔහු සඳහන් කළේ තමන් ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානීවරයා සමඟ සිරකරුවන් හුවමාරුවක් සඳහා වන සූදානම සහ රුසියානු පාර්ශවය සමඟ තුර්කියේදී තවත් රැස්වීමක් පිළිබඳව සාකච්ඡා කළ බවයි.
කෙසේ නමුත් ඉස්තාන්බුල්හී පැවැත්වීමට සැලසුම් කර ඇති සාම සාකච්ඡා පිළිබඳව රුසියාව මෙතෙක් නිල වශයෙන් අදහස් දක්වා නොමැති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
නමුත් තුර්කිය සඳහන් කළේ එළඹෙන බදාදා රුසියාව සහ යුක්‍රේනය අතර සාම සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.
ඉස්තාන්බුල්හී පැවැත්වීමට නියමිත මෙම සාකච්ඡාවේදී තවදුරටත් සිරකරුවන් හුවමාරු කර ගැනීම සහ සෙලෙන්ස්කි සහ පුටින් අතර හමුවක් ද සිදු විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(colombotimes.lk)