20 December 2025

logo

මහනුවර ඇසළ පෙරහර වෙනුවෙන් විශේෂ දුම්රිය 4ක්



මහනුවර ඇසළ පෙරහර වෙනුවෙන් ජනතාවගේ ගමන් පහසුව උදෙසා විශේෂ දුම්රිය 4ක් යොදවා තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. 

අනිද්දා (26) සිට ලබන 30 වැනි දා දක්වා එම දුම්රිය ධාවනය වන බවයි දුම්රිය ගමනාගමන අධිකාරි එම්.ජේ. ඉඳිපොලගේ මහතා පැවසුවේ. 
 
ඒ අනුව එක් දුම්රියක් කොළඹ කොටුවේ සිට නුවර දක්වා සහ නැවත කොටුව දක්වා ධාවනය වනු ඇති. 
 
පෙරහැර අවසන් වී පිටත් වන ජනතාව සඳහා මහනුවර සිට මාතලේ, මහනුවර සිට නාවලපිටිය සහ නුවර සිට කොළඹ කොටුව දක්වා ද දුම්රිය ධාවනය වන කරවන බවයි ඔහු පැවසුවේ. 
 
මේ අතර මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ හතරවැනි කුඹල් පෙරහර අද (24) රාත්‍රියේ වීථි සංචාරය කෙරෙනවා. 
 
පෙරහර සජීව විකාශය Colombo Times Facebook පිටුව ඔස්සේ HD තාක්ෂණයෙන් නැරඹිය හැකියි.
(colombotimes.lk)