20 June 2025


විශේෂ ප්‍රවාහන සේවා අදත්



අලුත් අවුරුද්ද වෙනුවෙන් සැලසුම් කළ විශේෂ ප්‍රවාහන සේවා අදත් ක්‍රියාත්මකයි.

අද (17) දිනයේ නියමිත පරිදි දුම්රිය ධාවන කටයුතු සිදු වන බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

එමෙන්ම අධිවේගී මාර්ගවල ද අතිරේක බස් රථ ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව එහි සභාපති ලලිත් ද අල්විස් ප්‍රකාශ කළා.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ, අද (17) සිට පෞද්ගලික බස් ධාවනය 75% කින් ඉහළ නංවන බවයි.
(colombotimes.lk)