16 September 2025

logo

ක්‍රීඩා ඇමතිගේ ආරක්ෂාව තර කෙරේ



ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ ජීවිතයට එල්ල විය හැකි තර්ජන පිළිබඳව රජයේ බුද්ධි අංශ බලධාරීන් දැනුවත් කිරීමත් සමඟ ඔහුගේ ආරක්ෂක විධිවිධාන තර කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ සිදුවී ඇති දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව තමන් පසුගියදා හෙළිදරව් කිරීමත් සමඟ තමන්ට විවිධ තර්ජන එල්ල වූ බව අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී තහවුරු කළා.

මේ හේතුවෙන් අමාත්‍ය රොෂාන් රණසිංහට පවරන ලද ආරක්‍ෂාව වැඩි කිරීමට බලධාරීන් කඩිනම් පියවර ගත් බව සඳහන්.
(colombotimes.lk)