04 July 2025

logo

ක්‍රිකට් අතුරු කමිටුවට ජනාධිපති කළ බලපෑම ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අලුතින් පත් කළ අතුරු කමිටුව ඉවත් කර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමාට දැනුම් දුන් බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. 

අද පාර්ලිමේන්තුව අමතමින් ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියේ අතුරු කාරක සභාව ඉවත් කර නොගතහොත් ක්‍රීඩා නීතිය තමන් අතට ගන්නා බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළ බවයි. 
 
එමෙන්ම දෙසැම්බර් මස පැවැත්වීමට යෝජිත T 10 තරගාවලිය ද දූෂණයෙන් පිරී ඇති බව ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
 
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු කමිටුවක් පත් කිරීමට තීරණය කළේ ක්‍රිකට් පරිපාලනයේ මුල්‍ය අක්‍රමිකතා සනාථ කරන විගණකාධිපති වාර්තාවෙන් පසුව ඉදිරිපත් කළ නිර්දේශය මත බවයි ඔහු අනාවරණය කළේ.
(colombotimes.lk)