පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රී හේෂා විතානගේට එරෙහිව කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවේ පැවති පිරිමි T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට එරෙහිව නීතිමය පියවර ගත් බවයි.
එමෙන්ම විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත භාරදී ඇති කෙටුම්පත් වාර්තාවක් මත පදනම්ව මෙම චෝදනා එල්ල වී ඇති අතර එය මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළා.
එම වාර්තාව පදනම් කරගනිමින් 2022 පිරිමි T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ඇතුළු පිරිසක් අසත්‍ය චෝදනා එල්ල කර ඇති බව එම ආයතනය පවසනවා.
විගණකාධිපති දෙපාර්තමේන්තුවේ කෙටුම්පත් වාර්තාවට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ එහි නිලධාරීන්ට එරෙහිව අදහස් දැක්වීම පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේට තහනම් කරමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනාවරණය කළා.
(colombotimes.lk)