19 March 2025


පුංචි ඡන්දයට ශ්‍රි ලංකා කම්කරු ජනතා පෙරමුණ ස්වාධීනව තරගවදියි



2025 පළාත් පාලන මැතිවරණයට ශ්‍රි ලංකා කම්කරු ජනතා පෙරමුණ නොවුඩ් ප්‍රාදේශිය සභාවට ස්වාධිනව තරග කිරිමට නාම යෝජනා අත්සන් කර තිබෙනවා.

එම පක්ෂයේ ලේකම් මිලාන් පෙරේරා සඳහන් කළේ මෙම මැතිවරණයේදී ශ්‍රි ලංකා කම්කරු ජනතා පෙරමුණ නොවුඩ් ප්‍රාදේශීය සභාවට ස්වාධිනව තරග කරන බවයි.

ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී තම පක්ෂයේ පූර්ණ සහය ජාතික ජන බලවේගයට ලබාදුන් බව ඔහු කියා සිටියා.

ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ පළාත් පාලන මැතිවරණයේදී ස්වාධීනව තරග කර ජාතික ජන බලවේගයට සහය දක්වන බවයි.

(colombotimes.lk)