ශ්‍රී ලංකාව World Packers වාර්තාවට අනුව ලොව සංචාරයට ආරක්ෂිතම රටවල් අතරින් 12 වන ස්ථානයට පත්ව තිබෙනවා.
රටවල් 100 කට අධික සංඛ්‍යාවක සංචාරකයන් පදනම් කරගත් ස්වේච්ඡා අත්දැකීම් ගොනු කර ක්‍රියාත්මක වන වෙබ් අඩවියක් ලෙස World Packers හඳුන්වයි.
ඒ අනුව ලොව සංචාරයට ආරක්ෂිතම රටවල් අතර පෙරමුණට පැමිණ ඇත්තේ අයිස්ලන්තයයි.
ස්විට්සර්ලන්තය සහ ඩෙන්මාර්කය පිළිවෙලින් දෙවන සහ තුන්වන ස්ථානවල ලබා සිටිනවා.
එහි පෙරමුණේ පසුවන එකම දකුණු ආසියානු රට ශ්‍රී ලංකාව වන අතර, ජපානය මෙම ලැයිස්තුවේ 9 වන ස්ථානයේ සිටිනවා.
(colombotimes.lk)