13 February 2025


මෙවර SAFF ශූරතාවය ලංකාවට අහිමිවෙයි



මෙවර ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත 14 වැනි දකුණු ආසියානු පාපන්දු සම්මේලන (SAFF) ශූරතාවලියේ කණ්ඩායම් කාණ්ඩගත කිරීම ඊයේ (17) පැවැත්වුණා. 

ඒ ඉන්දියාවේ නව දිල්ලි නුවරදීයි. 
 
තරගාවලිය සඳහා මෙවර කණ්ඩායම් අටක් සහභාගී වන අතර වත්මන් ශූර ඉන්දියාව සහ පාකිස්තානය එකම කාණ්ඩයට ඇතුළත් වීම විශේෂත්වයක්. 
 
පසුගිය පෙබරවාරි මාසයේ සිට FIFA විසින් පනවනු ලැබූ තහනම නිසාවෙන් ශ්‍රී ලංකාවට මෙවර තරගාවලිය සඳහා සහභාගි වීමට නොහැකිවී තිබෙනවා. 
 
ඒ අනුව 14 වැනි SAFF ශූරතා තරගාවලිය ජුනි 21 වැනිදා සිට ජූලි 4 වැනිදා දක්වා බැංගලෝර්හිදී පැවැත්වීමට නියමිතයි. 
 
A කාණ්ඩය – ඉන්දියාව, කුවේට්, නේපාලය, පකිස්ථානය 
 
B කාණ්ඩය – ලෙබනනය, මාලදිවයින, බංග්ලාදේශය, භූතානය
(colombotimes.lk)