colombotimes.lk
සිංහල | English

17 September 2024


ශ්‍රී ලංකාවට තරගාවලි ජයක්



දකුණු අප්‍රිකා A කණ්ඩායමට එරෙහිව පැවති දෙවන එක්දින තරගය ලකුණු 31කින් ජය ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම අද (02) සමත් වුණා.

ඒ සමඟින් තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ ජය තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ලෙස ශ්‍රී ලංකා A කණ්ඩායම තහවුරු කර ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 270ක් රැස්කළා.

එහිදී ලහිරු උදාර ලකුණු 86ක් සහ සහන් ආරච්චිගේ ලකුණු 52ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා A කණ්ඩායමට පන්දුවාර 41යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකි වුණේ ලකුණු  239ක් පමණයි.

පන්දු යැවීමේදී දුෂාන් හේමන්ත ලකුණු 48කට කඩුලු 05ක් බිඳ හෙලීමට සමත් වුණා.   

(colombotimes.lk)