මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ ශ්‍රී ලාංකිකයෙක් මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට බුකිත් තැම්බන් ප්‍රදේශයේදී මලයාසියානු ජාතිකයන් දෙදෙනෙක් සමඟ මෙම ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අදාළ ස්ථානයේ තිබී හෙරෝයින් ඇතුළු විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන ඇති බව මලයාසියානු මාධ්‍ය වාර්තා කළා.
සැකකාර ශ්‍රී ලාංකිකයා සහ මලයාසියානු ජාතිකයන් දෙදෙනා සතුව තිබී සුඛෝපභෝගී මෝටර් රථ 04ක් ද පොලිස් භාරයට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
සැකකරු තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 19වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව මලයාසියානු මාධ්‍ය වාර්තා කළා.
(colombotimes.lk)