colombotimes.lk
සිංහල | English

08 September 2024


ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයින් ක්‍රීඩා ඇමති හමුවෙයි



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයින් සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ඊයේ (27) ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා හමුවුණා.

කොළඹ සංචාරක අමාත්‍යංශයේදී පැවති එම සාකච්ඡාවේදී ක්‍රිකට් ක්‍රීඩකයන් මුහුණ දෙන ගැටලු, ඉදිරි තරග ජයග්‍රහණය කිරීමේ සැලසුම් සහ පුහුණු ව්‍යූහයන් ඇතුළු කරුණු රැසක් සාකච්ඡා කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එම හමුවට ක්‍රිකට් උපදේශක සනත් ජයසූරිය, තේරීම් කමිටු සභාපති උපුල් තරංග, එක්දින සහ 20 - 20 නායකයින් මෙන්ම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ද එක්ව සිටියා.
(colombotimes.lk)