24 December 2025

logo

උත්සව සමයට අමතර දුම්රිය සේවාවක්



නත්තල් උත්සවය, පාසල් නිවාඩුව සහ වසර අවසානයේ පවතින දීර්ඝ නිවාඩුව හේතුවෙන් අමතර දුම්රිය සේවාවක් එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා. 
 
ඒ අනුව අද (24) ප.ව. 03.00ට මරදාන සිට මාතර දක්වා විශේෂ සීඝ්‍රගාමී දුම්රියක් ධාවනයට සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

එම විශේෂ දුම්රිය මෙම මස 29වනදා මාතර දුම්රිය ස්ථානයෙන් පෙ.ව.05.00ට කොළඹ කොටුව දක්වා පිටත් වී කොළඹ කොටුවට පෙ.ව. 08.30ට ළඟා වීමට සැලසුම් සකස් කර තිබෙනවා. 

තවද කොළඹ කොටුව - කන්කසන්තුරය නගරාන්තර දුම්රිය එළඹෙන 25 සහ 28 යන දිනවල ධාවනයට සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)