දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මෙරට ශ්‍රමිකයන් 374,000කගේ රැකියා අහිමි වී තිබෙන බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය පවසනවා.
එම සංවිධානය සඳහන් කළේ පසුගිය නොවැම්බර් මස අගදී ඇති වූ සුළි කුණාටුවත් සමඟ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මෙලෙස ශ්‍රමිකයන් පීඩාවට පත්ව තිබෙන බවයි.
එමඟින් මසකට ඇමරිකානු ඩොලර් මිලියන 48ක් දක්වා පාඩුවක් සිදුවී ඇති බවට ද එම සංවිධානය ඇස්තමේන්තු ගත කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
