ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අශේන් බණ්ඩාර ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පිළියන්දල - කොළමුන්න ප්‍රදේශයේදී පුද්ගලයෙක්ගේ නිවසට අයුතු ලෙස ඇතුල්වී පහරදීමට තැත් කිරීම සම්බන්ධයෙන්.
කෙසේ වෙතත් මේ වන විට අශේන් බණ්ඩාර ඇප මත මුදාහැර ඇති බවයි වාර්තා වන්නේ.
අශේන් බණ්ඩාර හා අදාළ පැමිණිලිකරු යාබද නිවෙස්වල පදිංචිකරුවන් වන අතර අශේන් බණ්ඩාර සිය මෝටර් රථය මාර්ගය අවහිර වන පරිදි නවතා තිබීම හේතුවෙන් ඇතිවූ කතා බහක් දුරදිග යාමෙන් මෙම සිද්ධිය සිදු වී තිබෙනවා.
(colombotimes.lk)