08 January 2026

logo

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ICCයෙන් උසස්වීමක්



නවතම ICC කාන්තා T20 පිතිකාරිනියන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 3ක් ඉදිරියට පැමිණෙමින් එහි 6වන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සමත්වී තිබෙනවා.

එමෙන්ම හර්ෂිතා සමරවික්‍රමද එම ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 3ක් ඉදිරියට පැමිණෙමින් එම ශ්‍රේණිගත කිරීම්වල 20වන ස්ථානයේ රැඳී සිටිනවා.

මේ අතර නවතම ICC කාන්තා T20 තුන් ඉරියව් ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 10ක් ඉදිරියට පැමිණීමට කවීෂා දිල්හාරි සමත් වී තිබෙනවා.

ඒ අනුව ඇය එම ශ්‍රේණිගත කිරීම්වල 17වන ස්ථානයේ රැඳී සිටිනවා.

(colombotimes.lk)