11 June 2026

logo

මියන්මාර සයිබර් කඳවුරු තුළ රඳවාගෙන සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට



මියන්මාරයේ සයිබර් කඳවුරුවල බළහත්කාරයෙන් රඳවාගෙන සිටි ශ්‍රී ලාංකීකයන් 14දෙනෙක් ඊයේ (18) දිවයිනට රැගෙන විත් තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ මෙම පිරිස අතර තරුණියන් 04දෙනෙක් සහ තරුණයන් 10දෙනෙක් ඇතුළත් බවයි.

ඔවුන් මියන්මාරයේ සයිබර් කඳවුරුවලින් මුදාගෙන දේශසීමාව ඔස්සේ තායිලන්තය වෙත රැගෙන විත් තිබෙනවා.

ඒ අනුව මෙම පිරිස තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ඒම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය විසින් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
 
(colombotimes.lk)