14 February 2025


ශ්‍රී ලංකන් ගුවන් සේවයට එක්වූ අලුත්ම අමුත්තා



ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සිය මෙහෙයුම් කටයුතු සඳහා නව ගුවන් යානයක් එක්කර තිබෙනවා.

එයාර් බෙල්ජියම් සමාගමෙන් බදු දී ඇති නව එයාර්බස් ඒ 330-200 යානය මෙසේ මෙහෙයුම් කටයුතු සඳහා ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ආසන 262 කින් යුත් මෙම ගුවන් යානය දෙසැම්බර් 29 වනදා සිට ෆ්‍රැන්ක්ෆර්ට්, ඩකා සහ ඩුබායි වෙත පියාසර කිරීමට නියමිතයි.
(colombotimes.lk)