ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මාදුරුඔය ජලාශයට කඩා වැටීමේ සිද්දියට අදාළ සාක්ෂි ලබාගැනීම දෙහිඅත්තකන්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදු කර තිබෙනවා.
එහිදී පළමු වරට සාක්ෂි ලබාදෙමින් එම ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා කියා සිටියේ ගුවන් යානය ගුවන්ගත කර තත්ත්පර 30ක් ඇතුළත යානය තම පාලනයෙන් මිදී ජලාශයට කඩා වැටුණු බවයි.
පසුගිය මැයි මස 9වනදා එම ගුවන් යානය කඩා මාදුරුඔය ජලාශයට කඩා වැටී යුද හමුදා විශේෂ බලකායේ සහ ගුවන් හමුදාවේ සෙබළුන් 6ක් ජීවිතක්ෂයට පත්වුණා.
(colombotimes.lk)