2016 වසරේ සිට සිදු කළ විමර්ශනවලට අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදු කිරීමට නොහැකි වූ බැවින් ඔහුට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.
එම විමර්ශනවලට අනුව මෙම මුදල් ස්ථීර තැන්පතු සහ බැංකු තැන්පතුවල යොදවා තිබෙන බවයි වාර්තා වන්නේ.
එහිදී ඩේසි ෆොරස්ට් නම් තැනැත්තිය සමඟ හවුල් ගිණුමක් වශයෙන් මෙම ගිණුම් පවත්වා ගෙන ගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව නීතිපතිවරයා විසින් ඩේසි ෆොරස්ට් නම් කාන්තාවත් මේ සඳහා සැකකාරියක් වශයෙන් නම් කිරීමට පොලීසියට උපදෙස් ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.
පොලීසිය සඳහන් කළේ අද (11) යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් නම් කාන්තාවට එරෙහිව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී සැකකරුවන් වශයෙන් නම් කර මුදල් විශුද්ධීකරණ පනත යටතේ ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කළ බවයි.
එමෙන්ම අදාළ කාන්තාවට එරෙහිව විදෙස් ගමන් තහනමක්ද පනවා තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග කියා සිටියේ මේ සම්බන්ධ සියලු සැකකරුවන්ට අධිකරණය හමුවේ නඩු පැවරීමටත් කටයුතු කරන බවයි.
(colombotimes.lk)