07 January 2026

logo

තායිවානයට ප්‍රබල භූ කම්පනයක්



තායිවානයේ ඊසානදිග වෙරළ තීරයේ අද (27) රික්ටර් මාපක 6ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් තායිපේ අගනුවර ගොඩනැගිලි රැසක් සෙලවී ඇති බවයි.

භූ කම්පනයේ කේන්ද්‍රය යිලාන් ප්‍රාන්තයේ සිට කිලෝමීටර් 20ක් පමණ ඔබ්බෙන් කිලෝමීටර් 112ක් ගැඹුරින් පිහිටා ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)