18 August 2025

logo

මැතිවරණ නීති ප්‍රතිසංස්කරණයට දැඩි අවධානය



2026 -2029 වර්ෂ සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ උපායමාර්ගික සැලසුම් සකස් කිරීම ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ දිනවල අදාළ පාර්ශවයන්ගෙන් යෝජනා ඉල්ලා සිටින බවයි.

දේශපාලන පක්ෂ, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන, ජනමාධ්‍ය ආයතන, රටේ ජනතාව ඇතුළු, විවිධ පිරිස් සහ අදාළ සංවිධානවලින් යෝජනා බලාපොරොත්තු වන බවත් එයට අදාළ සියළුදෙනාගේ අදහස් අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මැතිවරණවලට අදාළ නීති ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව වැඩි අවධානයක් මෙහිදී යොමුවන බවයි.

එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාවට අමතරව රජයේ මුද්‍රණාලය, තැපැල් දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන, රජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු පාර්ශවයන්ගේ ද අදහස් ලබාගැනීම මේ වන විට ආරම්භ කර ඇති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)