දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ලාංකිකයන්ට ලැබෙන විදේශ ආධාර නිසියාකාරව කළමනාකරණය කිරීම සඳහා අනු කමිටු පත් කර තිබෙනවා.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සඳහන් කළේ ආපදා කළමනාකරණය පිළිබද ජනාධිපති කමිටුව රැස් වූ අවස්ථාවේදී එම තීරණය ගත් බවයි.
මෙරටට ලැබෙන සියලුම ආධාර නිසි ලෙස දත්ත පද්ධතියකට ඇතුළත් කිරීම, ඒවා සුදුසු පුද්ගලයාට ලබාදීම වැනි කරුණු කාරණා පිළිබදව එහිදී සාකච්ඡා කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
