19 January 2026

logo

Suga BTS ගැන හෙළිකල රහස (VIDEO)



BTS සාමාජික Suga මෑතකදී ඔහුගේ පළමු ඒකල ඇල්බමය වන D-DAY නිකුත් කිරීමට පියවර ගෙන තිබුණා.

පසුව ඔහු ජිමී ෆැලන් සමඟ සිදුකළ කතා බහක දී, පවසා ඇත්තේ සංගීත කණ්ඩායමට සම්බන්ධ වීමට පෙර බෙදා හැරීමේ ධාවකයෙකු ලෙස රැකියාව සිදුකළ බවයි.

ඔහු මින් පෙරද මේ බව සඳහන් කර ඇති අතර, තම අධ්‍යාපන වියදම් දැරීම වෙනුවෙන් මෙම රැකියාවේ නිරත වූ බව සඳහන්.

එහිදී BTS ගැන අදහස් පළකරමින් වේදිකාවට යාමට පෙර BTS සාමාජිකයින් අනුගමනය කළ සම්ප්‍රදායක් හෙළි කර තිබෙනවා.

ඒ අනුව වේදිකාවට නැගීමට පෙර සංගීත කණ්ඩායම එක්ව බීම වර්ගයක් පානය කරන බව සුගා හෙළි පවසා තිබුණා.
(colombotimes.lk)