colombotimes.lk
සිංහල | English

17 September 2024


සිංහයන්ව අසරණ කරමින් එංගලන්තය තරගාවලි ජය තහවුරු කර ගනියි



සංචරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 190කින් ජයග්‍රහණය කිරීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්වුණා.

තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම ලකුණු 427ක් රැස් කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට රැස් කළේ ලකුණු 196ක් පමණයි.

එංගලන්ත කණ්ඩායම සිය දෙවන ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 251ක් රැස් කළ අතර තරගයේ වාර්තා කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම 483ක ඉලක්කයක් හිමි වුණා.

එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සිය දෙවන ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 292ක් පමණයි.

එහිදී දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා අර්ධ ශතක රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව මෙම තරගය ජයගත් එංගලන්ත කණ්ඩායම තරග 3කින් සමන්විත තරගාවලිය 2 - 0ක් ලෙස ජයග්‍රහණය කළා.

දෙරට අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් ටෙස්ට් තරගය එළඹෙන 6 වනදා ආරම්භ වීමට නියමිතයි.

 
(colombotimes.lk)