බිනර පොහොය දිනයේදී වතු කම්කරුවන්ට වැඩි මිලට අලෙවි කිරීමට ගෙවත්තක වල දමා තිබූ රජයේ අනුමත මත්පැන් බෝතල් 38ක් සමඟ සැකකරුවෙක් ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ හැටන් කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති වෙත ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමක් අතරතුරදීයි.
හැටන් කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් සඳහන් කළේ නිකිණි පොහොය දිනයේදී බලපත්‍ර සහිත මත්පැන් සැල් වසා ඇති නිසා වැඩි මිලට වතු කම්කරුවන්ට මත්පැන් බෝතල් අලෙවි කිරිම සඳහා අදාළ සැකකරු මිලදී ගෙන තම ගෙවත්තේ වල දමා තිබූ බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු හැටන් ඇබෝස්ලි වතුයායේ පදිංචිකරුවෙක්.
(colombotimes.lk)