25 January 2026

logo

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙක් කටුනායකදී අත්අඩංගුවට



රුපියල් අට කෝටි විසි දෙලක්ෂයකට අසන්න වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 8යි ග්‍රෑම් 220ක් මෙරටට රැගෙන විත් එම මත්ද්‍රව්‍ය කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකර යමින් සිටි සැකකරුවෙක් අද (25) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින්.

අදාළ සැකකරු විසින් රැගෙන ආ ගමන් මලු 02ක් තුළ පාර්සල් 8ක අසුරා මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන විත් ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37ක් වන රාත්‍රී සමාජ ශාලාවක පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙක්.

(colombotimes.lk)