02 January 2026

logo

නීති විරෝධී දුම්වැටි තොගයක් මෙරටට ගෙන ආ සැකකරුවෙක් අත්අඩංගුවට



නීති විරෝධීව විදේශීය නිෂ්පාදිත දුම්වැටි 28,000ක් මෙරටට රැගෙන ආ සැකකරුවෙක් අද (07) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින්.

අත්අඩංගුවට ගත් සැකකරු ඩුබායි සිට පැමිණි වයස අවුරුදු 48ක් වන කොළඹ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලීසිය සඳහන් කළේ අදාළ සැකකරු මේ වන විට ඇප මත මුදා හැර ඇති අතර එළැඹෙන 10වෙනිදා ඔහු සහ නිලධාරී භාරයට ගත් දුම්වැටි තොගය පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

(colombotimes.lk)