25 January 2026

logo

ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට



මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහ ජීව පතොරොමක් සමඟ සැකකරුවෙකු අම්බලන්ගොඩ - වතුගෙදර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අක්මීමණ විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක් අතරතුරදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 33ක් වන වතුගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

(colombotimes.lk)