විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනිඅවියක්, උණ්ඩ 09ක්, පතරොම් ගැබක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13ක් සමඟ සැකකරුවෙක් මුල්ලේරියාව, බාරොන් ජයතිලක මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමක් අතරතුරදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43ක් වන වෑබඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(colombotimes.lk)
