05 November 2025

logo

ගාලු මුවදොර අරගලයට පහරදුන් සැකකරුවන් 31ක් හඳුනාගනියි



2022 වසරේ මැයි මස ගාලුමුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී සැකකරුවන් 31දෙනෙක් හඳුනාගෙන තිබෙන බව නීතිපතිවරයා ඊයේ (04) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා. 

එම සැකකරුවන්ට එරෙහිව ඉදිරියේදී අධි චෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ සජිත් බණ්ඩාර එහිදී සඳහන් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)