මෙරට පරිහරණය තහනම් වන රුපියල් ලක්ෂ 35ක් පමණ වටිනා 'ඊ' දුම්වැටි 620ක් සමඟ සැකකරුවෙක් වැල්ලවත්ත ස්ටැෆ් පාරේ සුවඳ විලවුන් සහ චොක්ලට් අලෙවි කරන ස්ථානයකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ වැල්ලවත්ත ස්ටැෆ් පාරේ සුවඳ විලවුන් සහ චොක්ලට් අලෙවි කරන ස්ථානයක හොර රහසේ 'ඊ' දුම්වැටි අලෙවි කරන බවට වැල්ලවත්ත පොලීසියට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි.
සුවඳ විලවුන් සහ චොකලට් ආනයනය කරන අතරතුරදී ඒවායෙහි සඟවා අදාළ 'ඊ' දුම්වැටි ආනයනය කර රුපියල් 8,000 - 10,000ත් අතර මුදලකට අලෙවි කරන බව අදාළ සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 34ක් වන රාජගිරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
(colombotimes.lk)