මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ සේවා නවීකරණය කිරීම ඇතුළු අංශ කිහිපයක් වෙනුවෙන් ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 50ක ව්‍යාපෘතියකට අනුමැතිය ලබාදී තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ලෝක බැංකු සමූහය සඳහන් කළේ මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ රජයේ සේවාවන් නවීකරණය කිරීමත්, එම සේවාවන් වඩාත් කාර්යක්ෂමව මහජනතාවට සමීපකරවීමත් බවයි.
ඒ අනුව මෙය ශ්‍රී ලංකාවේ ඩිජිටල් අංශය ප්‍රවර්ධනය කිරීම ජනතාවගේ සහ ව්‍යාපාරවල අවශ්‍යතාවලට පිටුවහලක් වන බවද ලෝක බැංකුව සඳහන් කළා.
(colombotimes.lk)
