20 December 2025

logo

උඩරට මැණිකේ දින 23කට පසු බදුල්ලෙන් ගමන් අරඹයි



'දිට්වා' ආපදා හේතුවෙන් දැඩි ලෙස හානි වූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල - අඹේවෙල කොටස යතාවත් කිරීමෙන් පසු එහි දුම්රිය ගමන් අද (20) පෙරවරුවේ ආරම්භ කර තිබෙනවා. 

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ එහි මංගල ගමන සනිටුහන් කරමින් අද පෙ.ව. 8.00ට Class S14 බලවේග කට්ටල සහිත බදුල්ල - අඹේවෙල විශේෂ උඩරට මැණිකේ දුම්රිය ගමන් ආරම්භ කළ බවයි. 

මෙලෙස උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියක් ධාවනය 'දිට්වා' ආපදාවෙන් දින 23කට පසුව අද (20) සිදු වුණා. 

(colombotimes.lk)