කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසල පැවති විරෝධතාවයකදී පොලිස් නිලධාරියෙක්ට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඊයේ (27) අදාළ සැකකරුව අත්අඩංගුවට ගෙන කොම්පඤ්ඤවීදිය පොලීසිය වෙත ඉදිරිපත් කළ බවයි.
52 හැවිරිදි නාගොඩ, කළුතර ප්‍රදේශයේ පදිංචි හිටපු නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහුව අද (28) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
(colombotimes.lk)