22 November 2025

logo

නතර වී තිබූ රියදුරු බලපත්‍ර මුද්‍රණ කටයුතු යළි ඇරඹෙයි



මුද්‍රණ කාඩ්පත් නොමැති වීම හේතුවෙන් නවතා තිබූ රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු යළි ආරම්භ කර තිබෙනවා. 

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ පසුගිය සතියේ සිට එම කටයුතු ආරම්භ කර ඇති බවයි.
 
ඒ අනුව දෛනිකව රියදුරු බලපත්‍ර 6,000ක් පමණ මුද්‍රණය කිරීමට සැළසුම් කර තිබෙනවා. 

රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය කාඩ්පත් නොමැති වීම හේතුවෙන් පසුගිය කාලයේ 350,000කට ආසන්න රියදුරු බලපත්‍ර සංඛ්‍යාවක් මුද්‍රණය කිරීමට ගොඩගැසී තිබෙන බවයි වාර්තා වන්නේ. 

එම මුද්‍රණ කාඩ්පත් සපයා ගැනීමත් සමඟ අදාළ රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ කඩිනමින් ගොඩගැසී ඇති රියදුරු බලපත්‍ර මුද්‍රණය කර අවසන් කිරීමට සැළසුම් කර ඇති බවයි. 

(colombotimes.lk)