21 November 2025

logo

උඩරට දුම්රිය මාර්ගය යථා තත්ත්වයට



උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. 

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය කරන රාත්‍රී තැපැල් දුම්රිය සහ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය කරන රාත්‍රී තැපැල් දුම්රියන් අද (21) සාමාන්‍ය පරිදි ධානයට එක් කිරීමට කටයුතු යොදා ඇති බවයි. 

එමෙන්ම හෙට (22) කොළඹ කොටුව සිට බදුල්ල දක්වා පෙරවරු 9.45 ධාවනය වන දුම්රිය සහ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා පෙරවරු 10.20ට ධාවනය වන දුම්රියන් දෙක පමණක් අවලංගු වන අතර උඩරට මාර්ගයේ අනෙකුත් දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. 

(colombotimes.lk)