සිරියාව සහ ඊශ්‍රායලය සටන් විරාමයකට එකඟ වී ඇති බව තුර්කියේ ඇමරිකානු තානාපති ටොම් බැරැක් පවසනවා.
සිරියාව සඳහා එක්සත් ජනපද විශේෂ නියෝජිතයා ලෙසද කටයුතු කරන තානාපතිවරයා සිය X ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කළේ තුර්කිය, ජෝර්දානය සහ අනෙකුත් අසල්වැසි රටවල් විසින් මෙම ගිවිසුම 'වැළඳගත්' බවයි.
ඊශ්‍රායලය පසුගියදා සිරියාවට ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව සටන් විරාමය ඇති වූ අතර අරාබි ආගමික සුළුතරයක් වන ඩෲස් ආරක්ෂා කිරීම අරමුණු කරගත් බව ඊශ්‍රායලය පවසනවා.
(colombotimes.lk)