colombotimes.lk
සිංහල | English

18 May 2024

Colombo Times, iShop.lk Talent පොඩ්ඩෝ 2023 - නිර්මාණ භාරගැනීම අවසන්



ඔක්තෝම්බර් මස පළමු වෙනිදාට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් Colombo Times සහ iShop.lk ඉදිරිපත් කරන Talent පොඩ්ඩෝ 2023 තරගාවලිය සඳහා නිර්මාණ භාරගැනීම අද (29) සවස 4ට අවසන් වුණා.

මෙම තරගාවලිය සඳහා චිත්‍ර, ගායන සහ නර්තන යන අංශ 3 යටතේ වයස් ඛාණ්ඩ තුනකින් පැවැත්වීමට නියමිතයි.

මේ වන විටත් අප වෙත සියලු වයස් ඛාණ්ඩ යටතේ නිර්මාණ රැසක් ලැබී තිබෙනවා.

අප වෙත නිර්මාණ එවූ දෙමව්පියන්ට සහ දූ දරුවන්ට Colombo Times සහ iShop.lk ස්තූතිය පිරිනමන්නෙමු.

එමෙන්ම මෙම තරගයේ අවසන් වටය සඳහා සුදුසුකම් ලබා ගන්නා Talent පොඩ්ඩන් පිළිබඳව ඉදිරියේදී Colombo Times තුළින් දැනුම්දීමට අපි සූදානම්.
(colombotimes.lk)