තමිල්නාඩු මහ ඇමති එම්. කේ ස්ටාලින්ගේ ප්‍රධානත්වයෙන් තමිල්නාඩු ප්‍රාන්තය නියෝජනය කරමින් සහනාධාර මෙට්‍රික් ටොන් 950ක අත්‍යාවශ්‍ය සහන භාණ්ඩ රැගත් නෞකාවක් කොළඹ වරාය බලා පිටත්ව තිබෙනවා.
එම භාණ්ඩ අතරට ආහාර සහ රෙදිපිළි ඇතුළත්වන බවයි වාර්තා වන්නේ.
අමාත්‍ය විජිත හේරත්ගේ උපදෙස් පරිදි චෙන්නායි නියෝජ්‍ය මහ කොමසාරිස් වෛද්‍ය ගනේෂ්නාදන් ගීතීශ්වරන් සිදු කළ ඉල්ලීමකට අනුව මෙම පරිත්‍යාගය සිදුකර තිබෙනවා.
මෙම පරිත්‍යාගයන් අද (06) පෙරවරුවේ සංකේතාත්මකව චෙන්නායි නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා වෙත පිළිගන්වා තිබෙනවා.
එමෙන්ම මෙම අවස්ථාවට තමිල්නාඩු රජයේ නිලධාරීන් මෙන්ම චෙන්නයි නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් රැසක්ද එක්ව තිබෙනවා.

(colombotimes.lk)
