මත්පැන් නිෂ්පාදනය මත බදු ගෙවීමේ කාලසීමාව සහ ගාස්තු අයකිරීම සඳහා අදාළ වන රීති සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
සෑම බලපත්‍රලාභියෙක්ම සුරාබදු ආඥා පනතේ 22 වන වගන්තිය යටතේ නියමිත දිනට හෝ එම දිනට පෙර බදු ගෙවිය යුතු බවට ප්‍රකාශයට පත්කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව නියමිත දින සිට දින 30ක් ඇතුළත ගෙවිය යුතු බද්ද හෝ ගාස්තුව සම්පූර්ණයෙන් ගෙවීමට අපහොසත් වන බලපත්‍රලාභීයෙක්ගේ බෝතල් කිරීමේ බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කරන බව නව ගැසට් නිවේදනයේ සඳහන්.
ඊට අමතරව නියමිත දින සිට දින 90ක් ඉක්මවන කාලයක් සඳහා ගෙවිය යුතු බද්ද හා ගාස්තුව සම්පූර්ණයෙන් නොගෙවා ඇති විට එම බලපත්‍රලාභියාගේ සියලු බලපත්‍ර අත්හිටුවීමට නව ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ මීට පෙර බලපත්‍ර අත්හිටුවීමේ කාලය මාස 6ක් දක්වා පැවති අතර එය මාස 03ක් දක්වා කෙටි කිරීමට නව ගැසට් පත්‍රය මඟින් පියවර ගෙන ඇති බවයි.
සුරාබදු ගෙවීම් පැහැර හැරීම අවම කිරීමේ අරමුණින් මෙම නව බදු ගෙවීමේ කාලසීමාව සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.
(colombotimes.lk)
