27 January 2026

logo

නුවරඑළියේ කුලී රථ හිමියන් උද්ඝෝෂණයක



නුවරඑළිය තැපැල් කර්යාලය ඉදිරිපිට ඊයේ (26) Pick Me ආයතනයට විරුද්ධව උද්ඝෝෂණයක් දියත් කර තිබෙනවා. 

ඒ නුවරඑළිය දිස්ත්‍රික්කයේ කුලී රථ හිමියන්ගේ සම්මේලනයේ සාමාජිකයන් විසින්.

මින් පෙරද ඔවුන් මෙලෙස උද්ඝෝෂණයක නිරත වී තිබුණා.

එම කුලී රථ හිමියන් කියා සිටියේ පිටතින් පැමිණෙන Pick Me ආයතනයට සම්බන්ධ පුද්ගලයන් නුවරඑළියට පැමිණෙන සංචාරකයන් ඉලක්කකර ගනිමින් ඔවුන්ව අඩු මිලට ප්‍රවාහනය කරන බවයි.

නමුත් කඳු බැවුම් සහිත ප්‍රදේශවල වාහන ප්‍රවාහනය කිරීමේදී වැඩි ඉන්ධන ප්‍රමාණයක් දහනය වන බැවින් තමන්ට අඩු මුදලකට සංචාරකයන් ප්‍රවාහනය කළ නොහැකි බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ රියදුරන් පවසනවා.

රියදුරන් සඳහන් කළේ මෙම Pick Me රථ රියදුරන් ඔවුන්ගේ ජීවනෝපායටද දැඩි බලපෑමක් එල්ල කර තිබෙන බවයි.
 
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරිය තුෂාරි තෙන්නකෝන් වෙත උද්ඝෝෂකයන් විසින් ජනාධිපතිවරයාට භාරදීම සඳහා ලිපියක්ද ලබාදී තිබෙනවා.






(colombotimes.lk)