08 January 2026

logo

ප්‍රදේශ රැසක උණුසුම හෙට ඉහළට



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්භාවිත විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය හෙට (09) දිනය සඳහා වලංගු වන පරිදි නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

උතුරු, උතුරුමැද, නැගෙනහිර, වයඹ, බස්නාහිර පළාත්වල සහ මොණරාගල දිස්ත්‍රික්කයයේ ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම '' අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතින බව එම නිවේදනයේ සඳහන් වනවා.

උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව නිකුත් කළ අවවාදාත්මක නිවේදනය පහතින්,



(colombotimes.lk)