19 September 2025

logo

තවත් බිහිසුණු අනතුරක්



තංගල්ල මහවෙල ප්‍රදේශයේදී බස් රථ 2ක් එකිනෙක ගැටීමෙන් අද (27) පස්වරුවේ බිහිසුණු අනතුරක් සිදු වී තිබෙනවා.

මෙම අනතුරින් පුද්ගලයන් 11දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

මාතර සිට තංගල්ල බලා ධාවන කළ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ තංගල්ල සිට දික්වැල්ල බලා ධාවනය කළ ලංකාගමන මණ්ඩලයට අයත් බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා.

තුවාල ලැබූවන් නාකුළුගමුව හා තංගල්ල රෝහල්වලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)