Tesla සමාගම විසින් වාර්ෂිකව විදුලි වාහන මිලියන භාගයක් පමණ නිෂ්පාදනය කිරීමට හැකි කර්මාන්ත ශාලාවක් පිහිටුවීමට යෝජනා කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් එම සමගම ඉන්දීය රජය සමඟ ආයෝජන යෝජනාවක් සාකච්ඡා කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මීට අමතරව ඉන්දු-පැසිෆික් කලාපයේ රටවලට මෝටර් රථ නැව්ගත කිරීම සඳහා අපනයන පදනමක් ලෙස ඉන්දියාව භාවිතා කිරීමට Tesla ආයතනය අපේක්ෂා කරන බව සඳහන්.
ඒ අනුව වාහන සඳහා ආරම්භක මිල රුපියල් මිලියන 2 (ඩොලර් 24,400.66) වනු ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
