දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලෙමින් පවතින සැලකිය යුතු වර්ෂාපතනය හේතුවෙන් දැදුරු ඔය ජලාශයේ පිටවාන් දොරටු මඟින් මේ වන විටත් තත්පරයට ඝණ අඩි 77,400ක් තරම් සීඝ්‍රතාවයකින් දැදුරු ඔයට ජලය මුදාහරිමින් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
රතු නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉදිරි පැය කිහිපය තුළ එම ප්‍රදේශයේ පවතින ගංවතුර තත්ත්වය අධි ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වන බවයි.
දැදුරු ඔය ද්‍රෝණියේ පිහිටි වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් දැදුරු ඔය ද්‍රෝණියේ පහළ නිම්නයේ ප්‍රදේශවලට මෙම අධි ගංවතුර තත්ත්වයෙන් බලපෑම් ඇති වන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. 
(colombotimes.lk)
